නීතිපතිට විශ්‍රාම සුවය – ජනාධිපතිගේ වෑයම පරදී

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා දෙවැනි වරටත් ඉදිරිපත් කළ නිර්දේශයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත වතාවක් ප්‍රතික්ෂේප කර ඇති නිසා නීතිපතිවරයාගේ සේවා කාලය අවසන්ව තිබෙනවා.

නීතිපතිවරයාගේ සේවා කාලය මාස හයකින් දීර්ඝ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (26) රාත්‍රී රැස්වු අතර ඡන්ද විමසීමේදී නිර්දේශයට විරුද්ධව ඡන්ද පහක් ද පක්ෂව ඡන්ද තුනක් ද ලැබී තිබුණා.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ පළමු වරට කළ නිර්දේශයද එම සභාව ඉකුත් 18 වැනිදා ප්‍රතික්ෂේප කර තිබුණා.