නිවාස සංවර්ධන අධිකාරියෙන් 15000කට නිවාස ණය

නව නිවාස ණය 15000ක් ලබාදීම මෙම මස අවසන් වීමට පෙර ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පැවසීය. මෙම ණය “සැමට නිවහන” වැඩසටහන යටතේ ලබාදීමට නියමිත බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පෙන්වාදෙයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි පැවසුවේ නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා මෙම නිවාස ණය ලබාදෙන බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හරහා මෙම නිවාස ණය එම ප්‍රතිලාභීන්ට ලබාගත හැකි බවයි .

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

කවීෂා විදානගමගේ