වත්මන් නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහගේ ක්‍රියාකලාපයට එරෙහිව විරෝධතාවයක් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී අද උදෑසන සංවිධානය කර තිබුනි .
ඇතැම් නීති කෘත්යන්හීදී පක්ෂාග්රාහීව කටයුතු කිරීම, දූෂිත පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය කඩිනමින් ක්‍රියාත්මක නොකිරීම, ඔවුන් ආරක්ෂා කිරීම සහා නීතිපති දෙපාර්තමේන්තුව තුළ සිදුවන දූෂිත ක්‍රියාවලට එරෙහිව මෙම විරෝධතාවය පවත්වන බව එහි සංවිධායකයන් පවසා තිබුනි . කෙසේ වෙතත් මෙම විරෝධය සඳහා සීමිත සහභාගීත්වයක් පැවතීම විශේෂත්ත්වයක් විය.
මේ අතර නීතිපතිවරයා ඉලක්ක කරගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන විවිධ පලකිරීම් ගැන සිය කනස්සල්ල පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද පස්වරුවේ විරෝධතාවයක් පවත්වන බව ඊයෙ ප්‍රකාශ කර තිබුනි.
සමාජ මාධ්‍ය සටහන් මගින් නීතිපති ධුරයේ ස්වාධීනත්වයට අසාධාරණ ලෙස බාධා කිරීමට ඇතැමුන් උත්සාහ දරන බවත්, විමර්ශන නිලධාරීන් තමන් වෙත ඉදිරිපත් කරනු ලබන කරුණු පදනම් කරගෙන, සැකකරුවෙකුට එරෙහිව චෝදනා ගොනු කරන්නේද නැද්ද යන්න හෝ අධිචෝදනා ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව නීතිපතිවරයා තීරණය කළ යුතු බවද එම සංගමය පවසයි .
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරන්නේ, නීතිපතිවරයාගේ තීරණ, අභියාචනාධිකරණය හමුවේ රිට් ආඥාවක් මගින් හෝ ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් සමාලෝචනය කළ හැකි බවයි.