ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇද හැලෙන බව බී.බී.සි පුවත්සේවය සිය කාලගුණ වාර්ථාව මගින් පුරෝකථනය කර ඇත .
එහි සඳහන් වන්නේ, බෙංගාල බොක්ක හරහා ඇති වලාකුළක් මෙම සතියේ කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි.
කුණාටුව බටහිර දෙසට ක්‍රමයෙන් ගමන් කරනු ඇති බවත්, සඳුදා අවසාන අදියරේ දී සහ අඟහරුවාදා දක්වා ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශ හරහා තද වර්ෂාවක් ඇති කරනු ඇති බවත් එම වාර්තාව පවසයි . වැසි සහිත කාලගුණික තත්ත්වය ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් සිටින බව එහි සඳහන් වෙයි .