රට තුළ ඉන්ධන හිඟයක් පවතින බව පවසමින් ජනතාව නොමඟ යැවීමට පටු දේශපාලන අරමුණු සහිත කණ්ඩායම් උත්සාහ කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි. ඔහු මේ බව කියා සිටියේ විශේෂ වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඉතිහාසය පුරා රට ඇන්දූ දේශපාලන බලවේග විසින් නැවත වරක් පටු අරමුණු ඇතිව ජනමතය අවුල් කිරීම සඳහා මෙවැනි කටකතා පතුරුවන බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.
“මේ වන විට රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැති බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාව පෝලිම්වලට දක්කාගෙන යාමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටිනවා. දැනට දක්නට ලැබෙන පෝලිම් පවා මෙලෙස කෘතිමව නිර්මාණය කරන ලද ඒවායි.” ඔහු පැවසීය .