මහනුවර නගරය අවට විභාග මධ්‍යස්ථාන පිහිටා ඇති කෑගල්ල හා මාවනැල්ල ප්‍රදේශවල සිටින උසස් පෙළ සිසුන්ට එහි යාමට දැඩි අපහසුතාවයක් ඇත්නම් ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානයෙන් විභාගය ලිවීම සඳහා අවස්ථාව ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් පවසයි.
ඔහු සඳහන් කර සිටියේ, පෞද්ගලික වාහනවලින් විකල්ප මාර්ග භාවිත කර විභාග මධ්‍යස්ථාන වෙත යාමට නොහැකි සිසුන්ට සහ දුම්රිය මාර්ගය භාවිත කිරීමට අපහසුතා පවතින සිසුන්ට පමණක් මෙසේ ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානය භාවිත කළ හැකි බවය.
විභාග මධ්‍යස්ථානවල සීමිත ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාවක් පමණක් පවතින බැවින් මහනුවරට යාමට හැකියාවක් ඇති සියලු දෙනාම සිය විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගය සඳහා සහභාගී වන ලෙසද ඔහු විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටී.
එනිසා දැඩි අපහසුතාවක් ඇත්තම් පමණක් විකල්පය ලෙස ළඟම පාසල භාවිත කරන ලෙස ද ඔහු පැවසීය. මෙම අවදානම පහව යනතුරු මාර්ගය විවෘත නොකරන බවද එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.