නායයන මීරියබැද්ද බලන්නට එන්න එපා. පොලිසියෙන් ජනතාවට ඉල්ලීමක්

බදුල්ල – කොස්ලන්ද මීරියබැද්ද පැරණි නායයෑම සිදු වූ ප්‍රදේශයේ නැවතත් නායයෑමේ දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගනී මහත්මිය පැවසූවාය .

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දැනුම්දීම මත අවදානම් මතුව ඇති වතු නිවාස කිහිපයක පවුල් 27 ක් මේවන විටත් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම පස් කඳු කඩා වැටීම් හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය ඊයේ පස්වරුවේ අවහිර වු අතර හපුතලේ සහ බෙරගල අතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මෙලෙස පස් කඳු කඩා වැටී ඇති බවයි පොලිසිය සඳහන් පැවසීය. එම ස්ථාන නැරඹීමට යාමෙන් වලකින ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *