ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති නීතිය සකස්කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදීම සඳහා අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ නියොජිතයින් පිරිසක් අද (12) මෙරටට පැමිණි බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා පවසනුයේ එම කණ්ඩායම ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික බලශක්ති නීතිය කෙටුම්පත් කිරීම සඳහා සහය දක්වනු ඇති බවයි.
රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් ROSATOM (රොස්ආතම්) ආයතනය විසින් ශ්‍රී ලංකාව ද හවුල් කරගනිමින් මෙගාවොට් 300 ක ධාරිතාවකින් යුත් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට යෝජනා වී ඇත.
සාන්ත පීටස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුව අමතමින් රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්ස් ලිඛචේෆ් පැවැසුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සමග එක්ව න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම සඳහා මේ වසරේ සිය ආයතනය සමග නීත්‍යනුකූලව ගිවිසුම් අත්සන් කිරීමට බාලාපොරොත්තු වන බවය.
ඒ් අනුව මෙරට න්‍යෂ්ටික බලශක්ති නීතිය සකස්කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදීම සඳහා අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ නීති කටයුතු කාර්යාලයේ න්‍යෂ්ටික සහ ගිවිසුම් නීති අංශයේ ප්‍රධානී ඇන්තනී වෙදෙරෝල් ඇතුළු නියෝජිතයින් පස්දෙනෙකු අද මෙරටට පැමිණ ඇතිබව වාර්තා වේ.