නන්දන ගුනතිලකගේ ප්‍රකාශය ගැන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ප්‍රතිචාර.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ආරම්භ කරන ලද විමර්ශන කඩාකප්පල් කිරීමේ උත්සාහයක් පවතින බව එම කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල්, රංග දිසානායක චෝදනා කරයි.

හිටපු ජවිපෙ පෙරමුණු නායකයෙකු වන නන්දන ගුණතිලක විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් දිසානායක මහතා අයිලන්ඩ් පුවත්පත වෙත ඔහු මේ බව පවසා ඇත.

නන්දන ගුණතිලක හිරු ‘බලය’ වැඩසටහනකට සහභාගී වෙමින් අවධාරණය කළේ, CIABOC හි අධ්‍යක්ෂ ජනරාල්වරයා ජවිපෙ නීති කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති බවය . එබැවින් ඔහු ස්වාධීන අයෙක් ලෙස සැලකිය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය. එහෙත් අල්ලස් කොමිසමේ අධ්‍යක්සා ජනරාල් ධූරය සඳහා පත්වන තැනැත්තා තමා කිසිම දේශපාලන පක්ෂයක තනතුරක් දර නැතිබවට දිවුරුම් ප්‍රකාශයක් ලබාදිය යුතු වෙයි .

ඊට ප්‍රතිචාර දක්වමින් අල්ලස් දූසණ වැලැක්වීමේ කොමිසන් සභාවේ සභාපති රංග දිසනායක පවසනුයේ, තමා 2000 සිට 2004 දක්වා නීතිඥයෙකු ලෙස සේවය කළ බවත්, 2004 ඔක්තෝබර් මාසයේදී අධිකරණ ක්ෂේස්ත්‍රයට සම්බන්ධ වූ බවත්ය.

“මෙම ප්‍රකාශය සඳහා කිසිසේත්ම පදනමක් නැහැ. මා කිසි විටෙකත් කිසිම ජවිපෙ සැකැස්මකට සම්බන්ධ වී නැහැ,” යැයි රංග දිසානායක පැවසයි .

මෙම ගැටලුව සම්බන්ධයෙන් CIABOC කොමසාරිස්වරුන් සමඟ සාකච්ඡා කිරීමට අදහස් කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය. “අනාගතයේදී මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගනු ඇත,” ඔහු වැඩි දුරටත් පවසයි .