ධම්මික පෙරේරා සහ මෛත්‍රී අතර රහසිගත සාකච්ඡාවක්

ජනාධිපතිවරණයට තවමත් නිස්චිතව දින වකවනු ප්‍රකාශ කර නැතත් ඒ සඳහා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වෙතැයි සැලකෙන ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මේවන විටත් සිය මැතිවරණ ව්‍යාපාරය අරඹා ඇතිබව වාර්තා වෙයි .

ඒ අනුව ධම්මික පෙරේරා සහ ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන අතර රහසිගත සාකච්චාවක් පසුගියදා පවත්වා ඇති අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්ද එක් වී ඇති බව දැනගන්නට තිබේ .

පසුගිය මහ මැතිවරණයෙදී පොදු ජන පෙරෙමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ පසුව ස්වාධින වූ මන්ත්‍රිවරුන් කිහිප දෙනෙක් සහ පොදුජන පෙරෙමුණ නියෝජනය කරනා මන්ත්‍රිවරුන් කිහිප දෙනෙක් එම කණ්ඩායමට ඇතුළත බව වාර්තා වේ.

පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහය දීමට ඉදිරිපත් වුවහොත් ශ්‍රී ලනිපයේ සහයගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ධම්මික පෙරේරා උත්සහ ගනිමින් සිටිනා බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.