නීතිවිරෝධී ලෙස ශ්රීලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දිය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදාව අත් අඩංගුවට ගෙන තිබේ.
අනලතිව් දූපතට ඔබ්බෙන් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අදාළ ධීවරයින් සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
මෙම ඉන්දිය ධීවරයින් පැමිණි යාත්රාව ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එම පිරිස
ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බව නාවික හමුදාව පවසයි .
විදෙස් සංචිත පහළ බසී.
ශ්රී ලංකා මහ බැංකුවේ නිල සංචිතවල අගයෙහි සුළු අඩුවීමක් 2025 ඔක්තෝබර් මාසය අවසානය වන විට දැක ගත හැක . ඔක්තෝබර් මාසය අවසානයේ දී රට සතු සමස්ත නිල සංචිත වත්කම් ඇස්තමේන්තුගත අගය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,216ක් විය.
2025 සැප්තැම්බර් අවසානයේ දී මෙම වත්කම්වල වටිනාකම වාර්තා වූයේ ඩොලර් මිලියන 6,244ක් ලෙස වාර්තා වූ අතර ඒ අනුව, සංචිතවල 0.4% කින් පහත වැටීමකට ලක්ව ඇත .