දේශීය කිරිපිටි මිල අද(03) සිට පහළ දැමීමට පියවර ගෙන ඇතැයි දේශීය කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
පාරිභෝගික අධිකාරියේ දැනුම් දීම පරිදි ජනතවට සහන සැලසීමේ අරමුණින් මිල පහත දමන බව එහි සභාපති ආරියසිරි විතානගේ පැවසුවේය.
නව මිල ගණන් පසුව දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.