දේශබන්දු දෙසැම්බර් 31 මතට තිත තියනවාලු

මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාව මතින් තොර රටක් බවට පත් කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කළා.

ඔහු මේ බව පැවසුවේ අද (25) කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු කඳවුරේ පැවති, පාතාල අපරාධ මැඩපැවත්වීම සඳහා විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් විසිර යෑමේ උත්සවයකට සහභාගී වෙමින්.

එම අවස්ථාවට මහජන ආරක්ෂක අමත්‍ය ටිරාන් අලස් මහතා, දකුණු හා බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.