විදේශයන්හි සැඟව සිටිමින් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන බව කියන දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි සෙහාන් සත්සර නොහොත් ‘දෙහිබාලේ මල්ලි’ හා ඔහුගේ සොහොයුරා වන තුෂාන් නෙත්සර නොහොත් ‘කලු මල්ලි’ වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.
ඊට අමතරව මෙම සැකකරුවන්ට විදේශ ගමන් තහනමක් පැනවීමට ද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා නියෝග කරනු ලැබීය.
පසුගියදා දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබීයදී නාවික හමුදාව විසින් අයිස්, හෙරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839.254ක් සිය භාරයට ගෙන තිබුණි.
එම මත්ද්‍රව්‍ය තොගය මේ රටට රැගෙන ඒම දෙහිබාලේ මල්ලි හා කළු මල්ලි විසින් සිදුකර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දී ඇත.
මෙම සැකකරුවන් ඩුබායි හෝ වෙනත් විදේශීය රාජ්‍යයක සැඟවී සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.