දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයෙක් අධිකරණ ඇමති සමග අටමස්ථානාධිපති නාහිමියෝ හමුවෙති.

දෙමළ ඩයස්පෝරාව හා සාමය සංහිඳියාව අගයන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඒකාබද්ධ කර පුළුල් ජාතික සන්ධානයක් ගොඩ ගැනීමට රජය හටයුතු කරමින් සිටී .

එහි මුලික පියවර වශයෙන් ඊළාම් මතවාදයට එරෙහිව දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් සහ මහා සංඝරත්නය අතර සංහිඳියාව ගොඩ නැගීමේ වැඩපිළිවෙලක් මේ වන විටත් ආරම්භකර ඇතිබව වාර්තාවෙයි.

කැනඩාවේ ජීවත් වන දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වන රෝයි සාමදානම්, අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ සමග අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ජාතික සංහිඳියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳ මූලික සාකච්ඡාවක ද නිරත වී තිබේ

මෙරට සංවර්ධන කටයුතු සඳහා ද දෙමළ ඩයස්පෝරාවේ සහාය ලබා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *