දිල්ෂාන් මධුසංඛ රුපියල් කෝටි 4.6 කට අලවි වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු වන ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ලැබූ උපරිම ලන්සුව ඉදිරිපත්වී ඇත.

ඔහු මුම්බයි ඉන්දියස් කණ්ඩායම් විසින් ඉන්දී රුපියල් කෝටි 4.6 කට මිලට ගෙන තිබේ. මෙම වෙන්දේසියේදී වනිඳු හසරංගට හිමිවූ මිල රුපියල් කෝටි 1.5 කි.

වෙන්දේසිය පැවැත්වෙන අවස්ථාවේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ මුම්බායි ඉන්දියන් කණ්ඩායම් අතර පැවති තරගය නිසා ඔහුට මේ ඉහළ මිල හිමිවූ බව විදෙස් මාධ්‍ය පවසයි. රෝයල් චැලේන්ජර්ස් බැංගලොර් කණ්ඩායම චේතනාන්විතව දිල්ෂාන් මධුසංඛගේ මිල ඉහළ දමා අවසන් මොහොතේ වෙන්දේසියෙන් ඉවත්වූ බව ඕවුහු පවසති.