දින 19 ට හදිසි අනතුරු මරණ 120 ක්

මෙම වසර ආරම්භයේ සිට ගතවුන පළමු දින 19 තුළ වාර්තා වු රිය අනතුරු සංඛ්‍යාව 113 ක් බවත් ඉන් පුද්ගලයින් 120 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර පැවසීය . ඔහු මේ බව පැවසූවේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි .

එමෙන්ම මෙම අනතුරුවලින් පුද්ගලයින් 216 ක් බරපතළ තුවාල ලබා ඇතැයිද සුළු අනතුරු සංඛ්‍යාව 490 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, එම අනතුරුවලින් සිදුවූ අලාභ හානි 159 ක් වාර්තා වන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මෙම අනතුරුවලින් වැඩි වශයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පදිකයින් සංඛ්‍යාව 33 ක් ලෙස වාර්තා වී ඇති බවත්, යතුරුපැදි අනතුරු 45ක් සහ පසුපැදිකරුවන් 7ක් ද මෙම අනතුරුවලින් මියගොස් ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.