දින 17 උමගක සිරවූ ඉන්දීය කම්කරුවන් 17 දෙනා මුදාගනී

දින 17ක දීර්ඝ ඉංජිෙන්රු මෙහෙයුමකින් පසු කඩා වැටුණු හිමාලයානු මාර්ග උමං මාර්ගයක සිටි කම්කරුවන් 41 දෙනාම මුදා ගැනීම සඳහා ඉන්දීය ගලවාගැනීම් සේවකයන් ඊයේ සමත්වූ බව වාර්තා වේ.

මෙම කම්කරුවන් පිරිස පුරා දින 17 ල් මෙම උමන් මගේ සිරවී සිටි අතර, ඔවුනට අවශ්‍ය සැපයුම් පිටතින් ලබාදීමට කටයුතු කර තිබුනි.

“සිල්කියාරා උමං කඩාවැටීමේ දී සිරවී සිටි කම්කරුවන් 41 දෙනෙකු සාර්ථකව බේරා ගැනීමට හැකිවීම ඇත්තෙන්ම සතුටට කාරණාවක්. රටක් ලෙස ඉන්දියාව සතුටට පත්විය යුතුයි” යැයි මාර්ග ප්‍රවාහන අමාත්‍ය නිතින් ගඩ්කාරි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. “

මෙය මෑත වසරවල වඩාත්ම වැදගත් ගලවා ගැනීමේ මෙහෙයුම් වලින් එකක් සනිටුහන් කරමින් බහු ආයතන විසින් හොඳින් සම්බන්ධීකරණය කරන ලද උත්සාහයක් බව ඔහු වැඩි දුරටත් පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!