ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයාව සිටි දිනේෂ් ශාෆ්ටර්ගේ දේහය ඔහුගේ සහෝදරයා වන රමේශ් ශාෆ්ටර් සහ මස්සිනා වන ජේම්ස් මැතිව් යන දෙදෙනා වෙත බාරදෙන මෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය නියෝග කර ඇත.
මරණය සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් වීම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය මරණය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ කමිටුවට නියෝග කර ඇත.
ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන දිනෙෂ් ශාෆ්ටර් 2022 වසරේ දෙසැම්බර් 15 වන දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිය මෝටර් රථය තුළ ගෙල සිරකර බැඳ දමා සිටියදී සොයාගන්නා ලදි. අනතුරුව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඔහු එහි ප්‍රතිකාර ලබනා අතර තුර මියගියේය