දැන් ලංකාවට විඝණකාධිපති කෙනෙක් නෑ.

රටේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කරන බව ආණ්ඩුව පැවසුවද මේවන විට මෙරටට විගණකාධිපතිවරයෙක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය .

ඔහු අද පාර්ලිමේන්තුවේදි මේ බව පවසා සිටියා.

වත්මන් ආණ්ඩුව බලයට පත් විමෙන් පසු හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම ගිය බවත් මේ වන තෙක් නව විගණකාධිපති කෙනෙක් පත්කර ගැනිමට කටයුතු කර නොමැති බවත් ඔහු පවසීය .

හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම ගිය පසු දින 14කටත් ඉන් පසු දින 30කට වැඩ බලන විගණකාධිපතිවරයෙක් පත් කර ගන්නා අතරවාරයේ ජනාධිපති අනුර කුමාරගේ මිතුරකු වන චන්දන නැමැත්තා ගේ නම ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කිරිමට කටයුතු කර තිබෙන බව ඔහු චෝදනා කළේය .

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙසේ පැවසීය.

මම කියන්න කැමතියි අද වෙනකොට දැන් හෙට උදේ ඉඳලා රටට විගණකාධිපති කෙනෙක් නැහැ. මොකද හේතුව, 2025 /04/08 තමුන් වහන්සේලාගේ ආණ්ඩුව යටතේ‍ හිටපු විගණකාධිපති විශ්‍රාම යනවා. දින 14කට විගණකාධිපති කෙනෙක් පත් කරනවා. ආපහු 2025 04/23 තව දින 30කට වැඩ බලන්න පත් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ ව්‍යවස්ථාදායක සභාවට ගෙනල්ලා අනුර දිසානායක සහෝදරයාගේ යාළුවා චන්දන මහත්තයා විඝණකාධිපති ලෙස පාත් කරන හදනවා. ඔහු එක දවසක් රාජ්‍ය සේවය ඉඳලා නැහැ. එක දවසක් පාර්ලිමේන්තුවේ විගණන කටයුතු පිළිබඳ දැනුමක් නැහැ. මෙයාව ගෙනල්ලා ඉන්දවන්න තමයි වැඩ පිළිවෙල සකස් කරන්නේ.

දැන් ඒක හරියන්නේ නැති හින්දා මොකද කරන්නේ තව මාස තුනකට ආපහු එකම දික් කරනවා. දැන් අපිට ආරංචි තියෙන හැටියට ව්‍යස්ථාදායක සභාවයෙන් මේ මාස තුනක දාපු එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. දැන් හෙට උදේ ඉඳලා විගණකාධිපති කෙනෙක් නැහැ ලංකාවේ.

එතකොට තමුන්නන්සේලා මොකක්ද මේ බලා ඉන්නේ ලබන ජනවාරි වෙනකොට මේ මේ ව්‍යස්ථදායක සභාවේ ප්‍රතාප්‍ රාමෝජන් අනුල විජේසුන්දර දිනේෂා සමරනන්ද කියන තුන් දෙනාම ඉවත් වෙනවා. ජනවාරි තුන්වෙනිද වෙනකල් මේක ඇදගන්න තමයි මේ උත්සහය.