දළදා පෙරහැරට විදුලිය දෙන්නට මිලියන 13 ක් ඉල්ලයි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නම් රුපියල් මිලියන 13ක මුදලක් තැන්පත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩල දැනුම්දී ඇතිබව පර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

මීට පෙර දළදා පෙරහර සඳහා විදුලිය නොමිලේ සපයා ඇති බවත් එය රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වන ලද්දක් බව පවසන ඔහු මෙවර කර ඇති ඉල්ලීම පෙර කිසිදා නොවූ දෙයක් බව කියා සිටී. මහනුවර ඇසළ පෙරහැරේ කප් සිටුවීමේ මංගල්‍යය අගෝස්තු මස 17 වන දින පැවැත්වීමට නියමිතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *