ඓතිහාසික සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා මාලිගාවට නව දියවඩන නිලමේවරයෙකු තේරීමේ රැස්වීම හෙට (7) මහනුවර බෞද්ධ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය . එ අනුව එම නිලවරණය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, එහිදී මහා සංඝරත්නය ඇතුළු නිලධාරීන් 267 දෙනෙකුට ඡන්දය භාවිතා කිරීමට අවසර හිමිව ඇත .
වර්ෂ 1815 දී උඩරට රාජධානිය ඉංග්‍රීසින් අතට පත්වූ පසු, මේ දක්වා දියවඩන නිලමේවරු 19 දෙනෙකු පත්ව ඇත . හෙට දිනයේ තෝරාගනු ලබන නිලමේවරයාට 2035 වසර දක්වා ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව හිමිවෙයි .
මෙවර දියවඩන නිළමේ ධූරය සඳහා නාම යොජනා ඉදිරිපත්කර ඇති පිරිස මෙසේය
වත්මන් වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, දමින්ද බණ්ඩාර උඩුරාවණ (බස්නායක නිලමේ මහනුවර කතරගම හා පස්ගම දේවාල), ඒ. ඩබ්ලිව්. එස්. බණ්ඩාරනායක (බස්නායක නිලමේ නාථ හා ඇම්බැක්ක දේවාල), තිලක් සුබසිංහ (මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාල), ගාමිණි කළුහෙන්දිවල (විද්‍යා උපාධිධාරි), රොෂාන් ප්‍රියදර්ශන (ව්‍යාපාරිකයක), නන්ද මඩුගල්ලේ (විශ්‍රාමික යුද හමුදා කර්නල්).
මෙම තේරීම සඳහා මල්වතු හා අස්ගිරි මහා විහාරවල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, රජමහා විහාරස්ථානවල භාරකාරවරුන් 157 දෙනකු, ප්‍රාදේශීය ලේකම්වරුන් 71 දෙනකු සහ බස්නායක නිලමේවරුන් 29 දෙනකු ඡන්දය භාවිතා කරනු ඇත.
උඩරට රාජධානි බල ප්‍රදේශයට අයත් දේවාල 31කට ඡන්ද හිමිකම ලැබෙයි. දියවඩන නිලමේවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා කාන්තාවන්ට අවස්ථාව නොලැබෙන් ආතර ඒ අනුව පැරණි උඩරට රාජධානියේ සේවයේ නියුති ප්‍රාදේශීල සහ දිස්ත්‍රික් ලේකම්වරියන්ට ඡන්දය භාවිත කිරීමට ඉඩ නොලැබේ.