දයාසිරි මහ ලේකම් ධුරයෙන් ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයෙන් තමන් ඉවත් කර ඇති බවට සඳහන් ලිපියක් ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

එම පක්ෂයේ සභාපතිවරයා විසින් ගත් තීරණයකට අනුව මෙම ධුරයන් හි වෙනස්කම් සිදුව ඇති බව වාර්තා වේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩභාරගන්නා ලෙසට තමාට දැනුම්දීමක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ඒකනායක සඳහන් කර සිටියේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *