දයාසිරි තීරණයක් ගනියි

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් පක්ෂ ගණනාවකින් තමන්ට ආරාධනා ලැබී තිබෙන බවත්, තවම කිසිවෙකු හෝ බැඳී නොමැති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් එම පක්ෂ සමඟ සාකච්ඡා සිදු කරමින් පවතින බවත් ඉදිරි අවුරුදු පහ ශක්තිමත්ව රට ගෙනයා හැකි කණ්ඩායමක් සමග සමග ගමනක් යාමට අපේක්ෂා කරන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තම සාමාජිකත්වය අත්හිටුවා තිබුණත් තමන් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු බැවින් එම පක්ෂය ගන්නා ඕනෑම තීන්දුවකට මේ මොහොතේ සහයෝගය ලබාදෙන බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කීවේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!