දක්ෂිණ අධිවේගය නාය යාමේ අවධානමේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව හා පින්නදූව පිවිසුම අතර කිලෝමීටර් 101 කණුව ප්‍රදේශයේ නාය යෑමට ලක් වූ කන්ද තව දුරටත් නාය යා හැකි බැවින් ඒ අවට පදිංචිකරුවනට වහාම ඉවත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී ඇත.

නාය යාමට ලක්වූ මෙම කොටස පිළිසකර කරමින් සිටියදී එහි තවත් කොටසක් නාය යාමට ලක්ව ඇත. එම අවස්ථාවේ පස් ඉවත් කරමින් සිටි විශේෂ කාර්ය බලකායේ සෙබළුන් 5 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *