තොණ්ඩමන්ගේ නම වතුකරයෙන් ඉවත්කරොත් පළාත්පාලන ආයතනවල බලය නැති කරනවා.

තොණ්ඩමන් පදනම හා තොණ්ඩමන් නාමය වතුකරයෙන් ඉවත් කිරිමට රජයට සම්බන්ධ ඇතැම් පාර්ශවයන් සැලසුම් කරමින් සිටිනා බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජේශ්ඨ උප සභාපති කනපති කනගරාජ් පවසයි.

පසුගිය සෙනසුරාදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසූවේ තොණ්ඩමාන් නාමය වතුකරයෙන් ඉවත් කිරීමට වත්මන් ආංඩුවට සම්බන්ධ ඇතැම් පාර්ශව උත්සහ ගනිමින් සිටිනා මුත්, කළගුණ දත් වතුකරයේ ජනතාව ඊට ඉඩ නොදෙනු ඇති බවය .

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මංත්‍රිවරයක් පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න අහනවා එහිම නියෝජ්‍ය ඇමතිවරයක් උත්තර දෙනවා මම මෙයට පෙර පාර්ලීමේන්තුවේ දැකලා තියෙන්නේ විපක්ෂය ප්‍රශ්න අහන විට ආන්ඩු පක්ෂයේ ඇමතිවරුන් උත්තර දෙන එකයි.

ඒත් දැන් ඉස්කෝලේ යන පොඩි ළමයි වගේ ආණ්ඩු පක්ෂයේ මංත්‍රිවරයකු ප්‍රශ්න අහානවා ආම්ඩු පක්ෂයේම නියෝජ්‍ය ඇමති කෙනෙක් උත්තර දෙනවා . මේ අය කලින් කතා වෙලා එන්නේ . මම මෙහෙම අහන්නම්. ඔයා මෙහෙම උත්තර දෙන්න කියලා. මේ අය කරන්නේ විහිළුවක් . ඇත්තටම ලැජ්ජා වෙන්න ඕන දෙයක්.

මේ අය තොණ්ඩමන් පදනමේ නම ඉවත් කරන්න ඕන කියනවා . මේ රටේ තවත් අයගේ නම්වලින් පදනම් තියෙනවා බණ්ඩාරනාය නමින් තියෙනවා ඩි. එස්. සේනානායක නමින් තියෙනවා මහින්ද රාජපක්ෂ නමින් තියෙනවා ඒත් මේ අයට ඕන තොණ්ඩමන් නම අයින් කරන්න එය මේ අය දකින දවල් හිනයක් මොකද මෙය කරන්න මේ වතුකරයේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ.

මොකද සම්‍යමුර්ති තොණ්ඩමන් කියන්නේ මේ වකුකරයේ ජනතාවට විශාල සේවයක් කරමින් ඔවුන්ට ජයග්‍රහන රැසක් අත් කර දුන් උදාර නායකයෙක් මේ අය කියනවා තොණ්ඩමන් පදනමට සල්ලි ලැබෙනවා කියලා තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ඉගෙන ගන්නේ වතු කරයේ සේවය කරන අයගේ දරුවන් මිස තොණ්ඩමන් පවුලේ අය නොවෙයි තොණ්මන් ක්‍රිඩා පිටියේ ක්‍රිඩා කරන්නේ වතු කරයේ දරුවන් මිස තොණ්ඩමන් පවුලේ අය නොවෙයි.

එදා ඉතිහාසයට එක්වුන මුල්ඔය වර්ජනයේදී ගොවින්දන් කියන වතුකම්කරුවාට පොලිසිය වෙඩිතියලා මරාදැම්මා . ඒක ඉතිහාසයේ තියනවා . ඒත් මේ අය ඔහුට කියන්නේ මුල්ලේරියා ගොවින්දන් කියලා එයවත් හරියට මේ අය දන්නේ නැහැ එහෙම අය තමන් මේ පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ.

ආණ්ඩුව මතක තියාගන්න ඕන ජාතික ජන බලවේගය සමහර පලාත් පාලන ආයතනවල බලය ලබා ගෙන තියෙන්නේ ලංකා කම්කරු කොංග්‍රසය සමග එකට එකතු වෙලා කියලා . නිතර නිතර ලංකා කම්කරු කොංග්‍රසයට පහර ගහන්න හදනවානම් එයට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව සකාච්චා කර අවශ්‍ය අවස්ථාවේ අවශ්‍ය තීරන ගැනිමටත් අපි පියවර ගන්නවා.