මාවතගම සහ ගලගෙදර ප්‍රදේශයන්ගෙන් පසුගිය ඔක්තෝබර් 01 වැනිදා සිට අතුරුදන්ව සිටි දැරියන් දෙදෙනකු අද පෙරවරුවේ මාතර උයන්වත්ත ප්‍රදේශයෙන් සොයා ගැනිමට පොලිසිය සමත්ව ඇත .
2023 ඔක්තෝබර් 1 වැනිදා උපකාරක පන්ති සඳහා සහභාගී වීමට සිය නිවෙස් වලින් පිටව ගිය දැරියන් දෙදෙනකු නිවසට නොපැමිණි බවට ලැබුණු පැමිණිළි දෙකක් මත මාවතගම සහ ගලගෙදර පොලිස් ස්ථාන පරීක්‍ෂණ ආරම්භ කර තිබුනි . මෙම දැරියන් දෙදෙනා වයස අවුරුදු 18 සහ 19 උඅන සීමාවේ පසුවූ අතර උපකාරක පන්ති නිමකර යළි නිවසට නොපැමිණි නව දෙමාපියෝ පැමිණිළි කර තිබුනි .
අද පෙරවරුවේ මෙම දැරියන් දෙදෙනා මාතර උයන්වත්ත ප්‍රදේශයේ පිහිටි බෝඩිමක සිට ඔවුන් සේවය කරන වෙළඳසැලකට යමින් සිටියදී මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මාවතගම සහ ගලගෙදර පොලිස් ස්ථාන හරහා දැරියන් දෙදෙනා දැනුවත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාගේ දෙමාපියන් වෙත භාරදීමට නියමිතය