තිරුපති කෝවිලක් ශ්‍රී ලංකාවේ පිහිටවයි

වියපත් බව සහ වෙනත් හේතු නිසා ඉන්දියාවේ තිරුපති දෙවොළ වෙත යාමට නොහැකි ශ්‍රී ලංකාවේ බැතිමතුන් වෙනුවෙන් තිරුපති කෝවිලක් ශ්‍රී ලංකාවේ ඉදිකරන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දීල් තොන්ඩමාන් ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ජගන් මෝහන් රෙඩ්ඩි ගෙන් ඉල්ලා සිටිබවත් ඊට යහපත් ප්‍රතිචාර ලැබුන බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි .

ඉන්දියාවේ මේ දිනවල නිල සංචාරයක නිරත වී සිටින ආණ්ඩුකාර තොන්ඩමන් අන්ද්‍රා ප්‍රදේශ් වාණිජ මණ්ඩලයේ නිලධාරීන් ද හමුවී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කළ බව එම කාර්යාලය පවසයි.

මෙහිදී ත්‍රිකුණාමලය වරාය කේන්ද්‍ර කර කර්මාන්ත පුරයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කර ඇති බව ආණ්ඩුකාර කාර්‍යාලය පවසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *