තාජුඩින් ඝාතනය ගැන මගේ පුතා කියන්නේ බොරු . කජ්ජාගේ බිරිඳ කියයි

අනුර විදානගමගේ හෙවත් කජ්ජා තජුඩීන් ඝාතනයට සම්බන්ධ නැති බවටත් තම පියා ඝාතනය කළේ තම මව විසින් යයි සැකයක් ඇති බවටත් කජ්ජාගේ නැමැත්තාගේ පුත්‍රයා විසින් ඊයේ දින සිදු කරන ලද ප්‍රකාශය කජ්ජාගේ බිරිඳ විසින් ප්‍රතික්‍ෂෙප කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඇය පැවසුවේ රාජපක්ෂලා හෝ කපිල දිසානායක යන පුද්ගලයන් දෙදෙනාගෙන් කෙනෙක් තම පුත්‍රයා මෙහෙයවන බවය.

දරුවාගේ අධ්‍යාපන මට්ටම ඉතාම ප්‍රාථමික මට්ටමේ ඇති බවත් ෆේස්බුක්හි පල කර තිබූ ලිපිය නිසැකවම වෙනත් කිසිවෙක් ලියූ එකක් බවත් ඇය කියා සිටී.

මේ දරුවා යොදාගෙන සාවධ්‍ය ප්‍රකාශ කිරීමේ අරමුණ තාජුදීන් ඝාතනයට අදාළව තමා ලබාදුන් වැදගත් සාක්ෂිය නොවැදගත්කමක් ලබා දීම හෝ යටපත් කිරීම බව ඇය වැඩි දුරටත් පැවසූවාය .

කපිල දිසානායකට තම දරුවන්ගේ මරණය පිටුපස ඇති හස්තය එළියට එන එක නවත්වන්නට අවශ්‍ය නිසා මේ සියල්ල කරන බවට තමාසැක කරනා බව ඇය පවසයි .

තම පියා 2012 වසරේදී සිදුවූ තාජුදීන් ඝාතනයට සම්බන්ධ නැති බවත්, ඒ වන විට ඔහු කොළඹ බස් රථයක සේවය කළ බවටත් දරුවා කරන ප්‍රකාශය අසත්‍ය බවද ඇය කියා සිටී . තම සැමියා කරගම්පිටිය මාර්ගයේ බස් රියදුරෙකු ලෙසසේවය කළේ 2009 වසරේ අවසාන වන තෙක් පමණක් බවත්, දරුවා ඉපදුන පසු තමන් පෙරලා ගමට පැමිණි බවත් ඇය සඳහන් කරයි .

පසුව තම සැමියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ කපිල දිසානායක විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ රියදුරු රැකියාවකට යොදවන ලද බවත් ඇය හෙලි කරයි. බාල වයස්කාරයෙක් වන තම දරුවා නොමග අයවනා පාර්ශවය්න්ට එරෙහි නීත්‍යානූකූලව පිය්වර ගන්න ලෙස ඇය අදාල වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.