ලොව විශාලතම විද්‍යුත් වාහන (EV) නිෂ්පාදකයා වන BYD සමාගම, තමන් නිෂ්පාදනය කළ වාහන 115,000 කට අධික සංඛ්‍යාවක් නැවත කැඳවීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි .
BYD වාහනවල නිෂ්පාදන පිරිවැය අඩු කිරරීමට ගන්න ඇතැම් පියවර නිසා ඒවායේ ගුණාත්මක භාවයේ අඩුපාඩු සිදුව ඇති බවත්, එනිසා තාක්ෂණික දෝෂ ඇතිවිය හැකි බවත් පවසමින් මෙම නැවත කැඳවීම කර ඇතිබව වාර්තා වේ.
සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුව, දෙමුහුන් (Hybrid) සහ විද්‍යුත් (Pure-Electric) මාදිලි දෙකම ඉලක්ක කර ගනිමින් මෙම වෙනම කැඳවීම් දෙක ඉකුත් 17 වැනිදා සිදුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරයි .
2015 මාර්තු සහ 2017 ජූලි අතර නිෂ්පාදනය කරන ලද ප්‍රමුඛතම දෙමුහුන් ටැං (Tang) මාලාවේ පැරණි මාදිලියේ වාහන 44,000ක් සහ 2021 පෙබරවාරි සහ 2022 අගෝස්තු අතර නිෂ්පාදනය කරන ලද විද්‍යුත් යුවාන් ප්‍රෝ (Yuan Pro) ක්‍රොස්ඕවර් රථ 70,000ක් පමණ ආපසු කැදවීමට අයත් වේ.