ත්‍රී වීල් රියදුරන් අතර ගැටුමක මැදිවුන පොලිස්පති .

පික් මී ආයතනයේ ලියාපදිංචි කුලී රථ රියදුරෙකු හා ඇල්ල ප්‍රදේශයේ ත්‍රී රෝද කුලී රථ රියදුරන් අතර 2025 දෙසැම්බර් මාසයේ දිනයක ඇති වූ මත බේදයක් මුල් කර ගනිමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දුරකථන යෙදවුම් මගින් ක්‍රියාත්මක ත්‍රී රෝද රථ අතර ගැටුමට පොලිස්පති මැදිහත්ව ඈත .

ඒ අනුව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ගැටූමේ දෙපාර්ශව නියෝජනය කරන ත්‍රී රෝද හිමියන්ගේ සංගමයේ ප්‍රධානීන් සහ Uber, Pick me ආයතනයන් වල ප්‍රධානීන් පොලිස් මූලස්ථානය වෙත කැඳවා සාකච්ඡා පැවැත්විය.

ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රමුඛතම මෙහෙවර මහජන සාමය ආරක්ෂාකිරීම බවත්, මැර බලය හෝ පහරදීම්, තර්ජනය කිරීම් පැමිණිලි පොලිස් ස්ථාන වෙත වාර්තා වීමේදී ආයතනික හා සංගම් වශයෙන් පවතින ගැටළු සැලකිල්ලට නොගෙන අපරාධමය වරදකට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස්පතිවරයා සියළු පාර්ශවයන්ට එහිදී පැහැදිළි කළේය.