ත්‍රීරෝද රථ ගාස්තුවේ අඩුවක් නැහැ – ත්‍රීරෝද රථ රියැදුරන් පවසයි.

පෙට්‍රල් මිල අඩු වුවද ත්‍රීරෝද රථ ගාස්තුවේ කිසිඳු අඩුවීමක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.

එහි සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ, ස්ථාවර වියදම් හා සෙසු සියලු වියදම් වැඩිවී ඇති බැවින් මෙම තීරණය ගත් බවයි.

ආණ්ඩුව විසින් ගාස්තු සමාලෝචන කමිටුවක් මඟින් ත්‍රීරෝද රථවල ගාස්තුව සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් මැදිහත් විය යුතු බවත් ගාස්තු අඩු කිරීමට හැකි ආකාරයෙන් ඉන්ධන මිල පහත දමා නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *