ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසයි.
අදාළ පනත් කෙටුම්පත අධ්‍යනය කර, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට අවශ්‍ය බව විපක්ෂය සහ නීතිඥයින් ඉල්ලීම් කර ඇතැයි, අමාත්‍යවරයා පැවසී ය.
අප්‍රේල් 25 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු දිනක මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.