තරුණ අරගලය මධ්‍යයේ මැඩගස්කර් පාලනය හමුදාව අල්ලා ගනී .

සති ගණනාවක් තරුණයින් විසින් මෙහෙයවන ලද විරෝධතාවලින් පසුව ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා බලයෙන් පහකර මැඩගස්කරයේ බලය අත්පත් කරගත් බව එරට ප්‍රභූ හමුදා ඒකකයක් පවසයි.

CAPSAT ප්‍රධානී කර්නල් මයිකල් රැන්ඩ්‍රියනිරිනා පැවසුවේ හමුදාව රජයක් පිහිටුවා වසර දෙකක් ඇතුළත මැතිවරණයක් පවත්වන බවයි. කෙසේ වෙතත් මේවන විට ඔහු මැතිවරණ කොමිසම වැනි ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සියල්ල අත්හිටුවා ඇත.

බලය අත්පත් කර ගැනීමෙන් පසු මාධ්‍ය ඇමතූ කර්නල් මයිකල් රැන්ඩ්‍රියනිරිනා “මේ විරෝධතාවය වීථිවල නිර්මාණය වූ බැවින් අපි ජෙන් ඉසෙඩ් විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට ගරු කළ යුතුය” යනුවෙන් පැවසීය .

හමුදා සහ විරෝධතාකරුවන් ජනාධිපති රාජොයිලිනා බලයෙන් පහ කිරීම සැමරීමට පටන් ගෙන ඇති අතර, දහස් ගණනක් අගනුවර වන ඇන්ටනනාරිවෝ හි කොඩි ලෙලවමින් සිටිති.
CAPSAT නොහොත් පිරිස් පරිපාලන හා තාක්ෂණික හා පරිපාලන සේවා බලකාය මැඩගස්කරයේ බලවත්ම හමුදා ඒකකයයි.

එම ඒකකය දිගුකලක් හිටපු ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනාට සහාය දුන් නමුත් 11 වන සෙනසුරාදා සිට ඔවුන් විරෝධතාකරුවන් සමඟ එක් විය.