අනාගතයට ගැළපෙන තාරුණ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සම්පාදනය කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් සහ යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ.
ඒ අනුව, සිය අදහස් සහ යෝජනා 2025 නොවැම්බර් 20 වන දිනට පෙර එවන මෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඉල්ලා සිටී . ඒ සඳහා පහත සඳහන් ප්රවේශයන් යොදාගන්න මෙන් මහජනයාගෙන් ඉල්ලා සිටි.
වට්ස් ඇප් අංක – 0771806878
ෆේස්බුක් ගිණුම – National Youth Policy 2025
ඊමේල් – youthpolicy2025@gmail.com
දුරකථන අංක – 011 2697934
ෆැක්ස් අංක – 011 2688836
වෙත හෝ ලිඛිත යෝජනා
ලේකම්,
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය,
අංක 09, පිලිප් ගුණවර්ධන මාවත,
කොළඹ 07 .
ලිපිනයට යොමු කරන ලෙස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය දැනුම් දෙයි.
ජතික වශයෙන් තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ තාරුණ්‍යයේ නියෝජනය අවම මට්ටමක පැවතීම ඇතුළු මේ වන විට පවතින තරුණ ප්‍රතිපත්තියේ පසුගාමී ලක්ෂණ හේතුවෙන් නව ජාතික ප්රතිපත්තියක අවශ්‍යතාව හඳුනා ගනිමින් සකස් කෙරෙන මෙම නව ජාතික තරුණ ප්‍රතිපත්තිය 2026 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.