තම දියණියගේ නිරුවත් චායරූප යූ ටියුබ් නාළිකාවකට එක් කිරීමට ගිය පුද්ගලයෙක් බිරිඳගේ කඩු පහරින් මරුට.

තම යූ ටියුබ් නාළිකාව ජනප්‍රිය කරගනු වස් තමාගේම 14 හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූප ඊට එක් කිරීමට උත්සහගත් පුද්ගලයෙකු ඔහුගේ බිරිඳ විසින් කඩුවකින් කපා ඝාතනය කර තිබේ .

මෙලෙස ඝාතනය කර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැල්ලව පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සුරංග ප්‍රදීප් කුමාර (37) නම් අයෙකි. ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලේ උපස්ථායකවරයෙකි. දෙදරු පියෙක් වන ඔහුගේ දියණිය 14 හැවිරිදි වියේ පසුවම අතර පුතා අට හැවිරිදි වියේ පසුවෙන බව වාර්තාවේ .

තම සැමියා තම එකම දියණියගේ නිරුවත් ඡායාරූප නාලිකාවට ගැනීමට වරින් වර උත්සාහ කළ බවත්, තමා එය වැළැක්වීම නිසා දෙදෙනා අතර ගැටුම් හටගත් බවත් එම කාන්තාව පොලිසියට පවසා ඇත.

සිද්ධිය වූ දිනයේ සැමිය තමා සහ තම පුතා කාමරයකට දමා අගුලු දමා දියණිය රැගෙන ගොස් ඇයගේ නිරුවත් ඡායාරූප ගැනීමට උත්සාහ ගත් බවත්, කාමරයෙන් එළියට පැමිණි තමා සැමියාගෙ දෑසට මිරිස් කුඩු ගසා කඩුවකින් පහර දී දියණිය එම අපවාදයෙන් බේරාගත් බවත් ඇය පොලිස් නිළධාරින්ට පවසා ඇත. පහරකෑමට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇත.

ඇගලුම් සේවිකාවක වන සැකකාර කාන්තාව වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ, වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ උපදෙස් මත වැල්ලව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාර වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!