දිවයින හරහා නිරිතදිග මෝසම් සුළං ප්රවාහයේ වැඩිවීම හේතුවෙන් විටින්විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුරු මැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.
හෙට (25) දිනයේ උදෑසන 10.30 වන තෙක් වලංගු වන පරිදි අද (24) පෙරවරු 10.30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.