මෙම වසරේ ණය සේවාකරණය ඇමරිකානු ඩොලර් මිලියන 2,435 ක් වන අතර ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 1,948 ක් සැප්තැම්බර් මාසය වන විට ආපසු ගෙවා ඇති බවත්, ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 487 දෙසැම්බර් මාසය වන විට ආපසු ගෙවීමට බලාපොරොත්තු වෙන බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. ජනාධිපතිවරයා මේ බව පැවසූවේ 2026 වසරේ අයවැය ලෙඛණය ඉදිරිපත් කරමිණි .
මෙය පසුගිය වසරට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් මිලියන 761 ක වැඩිවීමක් බව ද ඔහු පැවසීය.