ඩොලරය වේගයෙන් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (07) නිකුත් කරන ලද නිල දත්තවලට අනුව, 2024 පෙබරවාරි 29 වැනි දිනෙන් පසු ප්‍රථම වරට එක්සත් ජනපද ඩොලරයේ ස්ථානීය අනුපාතය රු. 310 මට්ටම ඉක්මවා ගොස් ඇත. ඒ අනුව ඩොලරයේ ස්ථානීය අනුපාතය රු. 310.02 ක් ලෙසින් දැක්වෙන බව එම නිවේදනය පවසයි .

එක්සත් ජනපද ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 306.28 ක් ලෙස වාර්තා වූ අතර විකුණුම් අනුපාතය රු. 313.81 ක් විය