ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

ලංකාව තුළ මේ වන විට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ දක්වා වාර්තා වී ඇතී රෝගීන්ගෙන් සියයට 50ක් බස්නාහිර පළාතෙන් හදුනාගෙන ඇති අතර මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලින් ද සැළකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බව එම ඒකකය පවසයි.

එමෙන්ම නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලින් ද සැළකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් හදුනාගෙන ඇති බවත්, ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම තවදුරටත් පවතින බව ද, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ඩෙංගුමර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න ප්‍රකාශ කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *