සහන මෙහෙයුම්වල නිරත වන ප්‍රදේශවල, ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමෙන් වළකින්නයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහජනයාගෙන් ඉල්ලීමක් කරයි.
මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සිදුකරණ ප්‍රදේශයන් හී ඩ්‍රෝන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් කරනු ලබන ගුවන් මෙහෙයුම් සඳහා අවදානම් තත්ත්වයක් ඇති කර තිබෙන බව ඔවුන් පවසයි .
එම තත්ත්වය නිසා ගුවන් අනතුරු නැතිවීමේ අවධානමක් පවා නිර්මානය වී ඇතිබව ඔවුන් පවසයි . එවනි අනවසර ඩ්‍රෝන ගුවන් යානා ගතකිරීම ගුවන් හමුදා කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ජීවිත, ගුවන් යානා සහ භූමියේ සිටින පුද්ගලයින්ට බරපතළ තර්ජනයක් එල්ල කරනා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිකුත්කළ නිවේදනයක දැක්වෙයි .
එබැවින් සියලුම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමට පෙර එම යානා ගුවන්ගත කිරීමේ සහ ගොඩබෑමේ වේලාවන් පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට දැනුම් දෙන ලෙසද ඒ සඳහා පහත අංක අමතාන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සාමාන්‍ය දුරකථන: 0112343970 / 0112343971
ක්ෂණික දුරකථන: 115