බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය හිමි බව කියන රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමට අදාළ තීන්දුව අද (06) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
සමාජ ක්‍රියාකාරි ඕෂල හේරත් විසින් බ්‍රිතාන්‍ය පුරවැසියෙකු යැයි කියන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමිවී නොමැති බැවින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බව සඳහන් කරමින් එම මන්ත්‍රී ධුරය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සමට මෙසේ තීන්දුව ලැබීමට නියමිතය.
නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්.මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාචනධිකරණ විනිසුරු මණ්ඩුල්ල හමුවේ විභායට ගැනීමෙන් පසුව තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද (06) දිනට කල් දැමුණා.
එමෙන්ම මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා නම් කර ඇති බව වාර්තා වේ.