සමාජ ජාලාවල වැඩි වශයෙන් ඇත්තේ අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි. එබැවින් එවැනි අසත්‍ය තොරතුරු ගැන කිසිවෙකු කලබල විය යුතු නැති බව ඔහු වැඩි දුරටත් පැවසීය.
සමාජ මාධ්‍යවල ඇති තොරතුරු වල විශ්වාසනීයත්වය මේ වන විට සෑහෙන ප්‍රමාණයකින් අඩු වී ඇති බව පැවසූ ඔහු සමාජ මාධ්‍යයන්හි තොරතුරු පළ කරන බොහෝ අය ව්‍යාජ මිනිසුන් බවද කියා සිටියේය. උදාහරණයක් ලෙස විපක්ෂයෙන් නුගේගොඩ පැවැත්වූ රැස්වීම දැක්වූ ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ පලවූ එහි ඡායාරූප පවා සකස් කරන ලද ඒවා බව පැවසීය.
ලන්ඩනයේදී පැවැති ඉල් මහ සමරුව අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.