සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) විශේෂ ආරාධනයක් මත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ නිල සංචාරයක නියැලේ .
ඔහු සහ කේරළ ප්‍රාන්ත මහ ඇමති පින්නරායි විජයන් අතර විශේෂ හමුවක් (11) තිරුවානන්තපුරම්හිදී පැවැත්විණි. මෙම හමුව සඳහා කේරළ ප්‍රාන්තයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද සහභාගී වූ අතර, එහිදී කේරළය ලබා ඇති සුවිශේෂී සමාජ-ආර්ථික ප්‍රගතිය පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමුවී තිබේ.
විශේෂයෙන්ම කේරළ ප්‍රාන්තයේ සාක්ෂරතාව 100% ක් දක්වා ඉහළ නැංවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග, ආන්තික දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන් සහ මහජන සුබසාධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී ඇත.
පක්ෂ අතර සබඳතා ශක්තිමත් කිරීම මෙම සංචාරය අතරතුර ටිල්වින් සිල්වා මහතා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදී) ප්‍රධාන ලේකම් එම්.ඒ. බේබි මහතා ඇතුළු මධ්‍යම කාරක සභිකයන් ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ.