ඩුබායි සිට පැමිණ මැලේසියාව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි ටැන්සානියානු ජාතික ගුවන් මගී කාන්තාවක් අද (05) උදෑසන ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළදී දරුවෙකු ප්‍රසූත කර තිබේ.
වයස අවුරුදු 29 ක් වන මෙම කාන්තාව ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් 8 ඩී – 822 දරන ගුවන් යානයෙන් අද උදෑසන 06.30ට පමණ ඩුබායි සිට කටුනායකට පැමිණ ඇත. ඇය එතැන් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව යාමට සංක්‍රමණික පර්යන්තයේ රැඳී සිටියදී ප්‍රසව වේදනා ඇතිව ඇත.
ඇය වහා ගුවන් තොටුපොළ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරිමෙන් අනතුරුව පිරිමි දරුවෙක් ප්‍රසූත කර ඇත.
වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ මැදිහත්වීමෙන් හා සහාය ඇතිව මව සහ අලුත උපන් බිළිඳා වැඩිදුර ප්‍රතිකාර සහ නිරීක්ෂණ කටයුතු සඳහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙ තිබේ.