ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකානු සෙනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාව පරාජය වෙයි

ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව තිබේ.

කොංග්‍රස් අනුමැතිය ලබා නොගෙන ඉරානයට එරෙහිව සිදුකරනා හමුදා ක්‍රියාමාර්ග නවතා දමන ලෙස අදාළ යෝජනාව ඉදිරිපත්ව තිබුන බව විදෙස් මාධ්‍ය පවසයි .

කෙසේවෙතත් එම යෝජනාවට පක්ෂව ඡන්ද 47ක් හිමි වු අතර විපක්ෂව ඡන්ද 53 ක් හිමිවීම හේතුවෙන් එය පරාජයට පත්වි තිබේ.

අදාළ යෝජනාව පරාජයට පත්වීමත් සමග ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් නගරය ඉලක්ක කර නව ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

එම ප්‍රහාරයට සමගාමීව ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ප්‍රහාර ද දැඩි කර තිබේ. මේවනවිට ඊශ්‍රායලය ගොඩබිම් මාර්ගයෙන් ද ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර පුද්ගලයින් 72කු පමණ මෙහිදි මියගොස් ඇති බව සඳහන්ය.