ට්‍රම්ප්ගේ නොබෙල් සාම ත්‍යාග බලාපොරොත්තුව බිඳ වැටේ .

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ අමෙරිකාව විසින් අත්අඩංගුවට ගැනීමේ සාර්ථක අමෙරිකානු මෙහෙයුම අධීක්ණය කළ අමෙරිකානු ජනාධිපතිවරයා සමග සිය නොබෙල් සම්මානය හුවමාරු කර ගැනීමට තමන් කැමති බව විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පසුගියදා විදෙස් රූපවාහිනි වැඩසටහනකදී ප්‍රකාශ කරනා ලදි . එහෙත් එම ප්‍රකාශය නෙබෙල් ආයතනය ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් නෝර්විජියානු නොබෙල් ත්‍යාගකමිටුව සඳහන් කර ඇත්තේ නෙබෙල් සාම ත්‍යාගය යනු මාරු කිරීමට, බෙදා ගැනීමට හෝ අවලංගු කිරීමට හැකි ත්‍යාගයක් නොවනා බවය .

එම රූපවාහිනී වැඩසටහනේදී අදහස් දක්වූ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ මෙලෙස පැවසීය .

” මට හිමිවූ නොබෙල් සම්මානය වෙනිසියුලානු ජනතාවගේ ත්‍යාගයක් . එය අමෙරිකානු ජනාධිපතිවරයා සමග හුවමාරු කර ගැනීමට උනත් මම සූදානම් . වෙනිසුලාවේ ජනාධිපතිවරයා අත් අඩංගුවට ගැනීමට අමෙරිකානු ජනාධිපතිවරයා කළ මෙහෙයුම ඓතිහාසික එකක් . එය ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තියක් කරා තැබූ දැවැන්ත පියවරක්” .