පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා ජනවාරි 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය .
කෙසේ වෙතත් නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා සෘජුවම අධිකරණයට ඉදිරිපත්වී නැත . අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් WhatsApp තාක්ෂණය ඔස්සේ සැකකරුවන් පරීක්ෂා කර ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමෙන් අනතුරුව මෙලෙස ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත .
ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඔහු ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියද, මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය .
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයේ ලොරි රථයක් ඔහුට අයත් බව කියන එතනෝල් සමාගමක රාජකාරි සඳහා යෙදවීමෙන් රජයට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් පාඩු කළේයැයි වූ චෝදනාවට අදාලව මෙම නියෝගය නිකුත් කර ඇත .
නීතිපතිවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබාදුන් උපදෙස් අනුව හිටපු අමාත්‍යවරයා සහ දරුවන් දෙදෙනා අත් අඩංගුවට ගන්නා ලදි .