ජීවන් තොන්ඩමන් ඉන්දීයාවෙදී විවාහ වෙයි .

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් විවාහ දිවියට ඇතුළත්වී තිබේ . ඔහුගේ විවාහ මංගල උත්සවය ඉන්දියාවේ චෙන්නායි නුවර පෞද්ගලික උත්සව ශාලාවක අද (23) දින පෙරවරුවේ පැවැත්විණ.

ජීවන් තොන්ඩමන්ගේ මනාලිය වනුයේ ඉන්දියාවේ දේශපාලන පසුබිමක් සහිත පවුලකින් පැවත එන, සීතායි ශ්‍රී නාච්චියාර් නැමති තරුණියක සමගය . ඇය වෘත්තීයෙන් වෛද්‍යවරියකි.

ජීවන් තොන්ඩමන්ගේ විවාහ උත්සවයට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ එම ආර්යාව, හිටපු මැති ඇමතිවරු රැසක් සහ ඉන්දියාවේ මැති ඇමතිවරු රැසක් සහභාගි වී සිටින බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ මාධ්‍ය ඒකකය පවසයි .