ජාතික ලොතරැයි මණ්ඩළය මුල්‍ය රෙගුලාසි කඩලා

ජාතික ලොතරැයි මණ්ඩලය හිමිකම් ඉදිරිපත් නොකළ ත්‍යාග මුදල් සම්බන්ධව ක්‍රියාකර ඇති ආකාර 2022 වාර්ෂික විගණන වාර්තාව මගින් දැඩි විවේචනයට ලක්ව ඇත.

ජාතික ලොතරැයි මණ්ඩළා මූල්‍ය රෙගුලාසි පිළිපැදීමට අපොහොසත් වී ඇති බවත්, ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු අරමුදල් රඳවාගෙන ඇති බවත් එම වාර්තාවෙන් පෙන්වඅ දෙයි

“හදහන” ලොතරැයියෙන් හිමිකම් නොගත් ත්‍යාග මුදල් බැර නොකිරීම එම වාතාවේ විශේෂයෙන් සඳහන් කර ඇත. එ අනුව 2022 ජනවාරි 27 සිට 2022 ජූනි 30 දක්වා හිමිකම් නොලබන ලද මිලියන 12 ක් ජාතික ලොතරැයි මණ්ඩළය රඳවාගෙන ඇතිබව එම වාර්තාව පෙන්වාදෙයි.

පනතේ විධිවිධාන අනුව මෙම මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතුව තිබුණමුත්, ජාතික ලොතරැයි මණ්ඩලය එම මුදල් තව දුරටත් තම ගිණුමේ තබා ඇත.

මේ අතර, සංවර්ධන ලොතරැයි මණ්ඩලය (DLB) 2022 වසර සඳහා බදු ගෙවීමෙන් පසු සමස්ත ලාභය රුපියල් මිලියන 3,211ක් ජනාධිපති අරමුදලට ප්‍රේෂණය කර ඇත .
1997 අංක 20 දරන සංවර්ධන ලොතරැයි මණ්ඩල පනතට අනුවෙම ආයතනය විසින් පවත්වනු ලබන ලොතරැයිවලින් ලැබෙන සම්පූර්ණ ලාභය ජනාධිපති අරමුදලට ප්‍රේෂණය කළ යුතුය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!